Skip to main content

WINCHECK ක්‍රියාත්මක වන ආකාරය දැනගමු


ලොතරැයි ගත්තට දින්නද බලන්න බැරි වෙනවද?


Internet ගිහිල්ල බලන්න කරදරයි ද?


නැත්තන් ටිකට් මාම ගාවට ගිහිල්ල පොත පෙරලලා බලන්න කම්මැලිද?

කෝටියක් ඇදිල තිබ්බොත්...! ජූලි හතයිනෙ.. 


කිසි ප්‍රශ්නයක් නෑ.. 

අතේ තියන ඕනෙම Phone එකකින් තප්පර දෙකකදි

ඔයාගේ ටිකට් එකට අදාල

දිනුම් අංක ඔයා ළඟටම ගෙන්න ගන්න..

  එකම එක මැසේජ් එකයි.

(හැබැයි Dialog, Airtel, Hutch පාවිච්චි කරන අයට විතරයි පුළුවන්)


  මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ.. 

1. Phone එකේ #780*988# කියල Type කරලා Dial කරන්න. 

එහෙම කම්මැලී වගේ නම් සහ ඔයා මේ Service එක දාන්න යන්නේ කැමරාවක් තියන Phone එකකට නම් පල්ලෙහා තියන QR කෝඩ් එක QR CODE SCANNING APP එකක් හරහා දාගන්න පුළුවන්. (Apple Phone එකක් නම් App එකක් නැතුවම කැමරාවෙන් මේක Scan වෙනවා)

 





2.ඊට පස්සේ මේ පල්ලෙහා පෙන්නල තියනවා වගේ Menu එකක් එන්නේ. අන්න ඒකෙ Subscribe කරන්න තියන, අංක 1 Type කරලා Reply කරන්න.

3. තත්පර දෙක තුනකදි subscription එක තහවුරු කරලා SMS එකක් එයි. ඒ වගේම පහල තියනවා වගේ Message එකකුත් ඔයාලට පෙන්නයි.


4. ඊට පස්සේ ඒ කියල තියන විදිහට 'wincheck <හිස්තැනක්> tickets' කියල type කරලා 77177 ට SMS එකක් දාන්න. එහෙම කරන්නේ හැම ටිකට් එකකටම විශේෂිත අංකයක් දීල තියන නිසා. ඒ අංක ටික ඔයාගේ phone එකට ගෙන්නගන්න තමයි මෙහෙම message කරන්නේ. පල්ලෙහා පෙන්නලා තියනවා වගේ SMS මැසේජ් 5ක් ඔයාගේ phone එකට එයි WINCHECK එකෙන්. ඒකෙ ටිකට් වල දිනුම් අංක බලාගන්න විදිහත් කියල තියනවා කෙටියෙන්.

5. එහෙම එන SMS මැසේජස් වල මුලින් දීල තියනවා NLB සහ DLB වල තියන ටිකට් වල අංක කිහිපයක්. ඒවා තමයි මේ පල්ලෙහායින් තියෙන්නේ. මේ අංක ඔයාට ඕනේ වෙනවා ටිකට් එකක ප්‍රතිඵල ගෙන්න ගන්න වෙලාවට. අපි කියන්නම් කොහොමද කියල.

NLB ටිකට් අංක

1. ගොවිසෙත - Govisetha
2. මහජන සම්පත - Mahajana Sampatha
3. ධන නිධානය - Dhana Nidhanaya
4. ජාතික සම්පත - Jathika Sampatha
5. මෙගා පවර් - Mega Power
6. සුපිරි වාසනා - Supiri Wasana
7. නීරෝගා - Neeroga
8. වාසනා සම්පත - Vasana Sampatha
9. සෙවණ - Sevana
10. ඩොලර් ෆෝර්චුන් - Dollar Fortune

DLB ටිකට් අංක

1. අද කෝටිපති - Ada Kotipathi
2. ශනිදා වාසනාව - Saturday Fortune
3. නියත ජය - Niyatha Jaya
4. ලග්න වාසනා - Lagna Wasana
5. සුපර් බෝල් - Super Ball
6. කෝටිපති ශනිදා - Kotipathi Shanida
7. කෝටිපති කප්රුක - Kotipathi Kapruka
8. සංවර්ධන වාසනාව - Development Fortune
9. ජයෝදා - Jayoda

 

6. හරි. දැන් තියෙන්නේ වැදගත්ම කොටස. ටිකට් එකක දිනුම් අංක එකක් හෝ කිහිපයක් එකපාර බලාගන්නේ කොහොමද කියල කියන්න යන්නේ.

ඒකට කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්. 'wincheck <හිස්තැනක්> NLB/DLB <හිස්තැනක්> [ටිකට් එකට අදාල අංකය] <හිස්තැනක්> [කොමා (,) වලින් වෙන් කල දිනුම් අංක]' type කරලා 77177 ට SMS එකක් එවන්න. 

  • උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයාට DLB එකේ 'අද කෝටිපති' ටිකට් එකේ 758 සහ 757 කියන දිනුම් වාර වලට අදාල දිනුම් අංක බලන්න ඕනේ කියල.

  • එතකොට 'අද කෝටිපති' ටිකට් එකට අදාල අපි දීල තියන අංකය වෙන්නේ අංක 1. (අර උඩ දීල තියන අංක ටික බලන්න)

  • කරන්න තියෙන්නේ,
    'wincheck <හිස්තැනක්> DLB <හිස්තැනක්> 1 <හිස්තැනක්> 757,758'  කියල type කරල 77177 ට SMS එකක් එවන එක විතරයි.

තත්පර ගානක් යනකොට ඔයාගේ phone එකට දිනුම් අංක එක්ක SMS එකක් එයි පල්ලෙහා පෙන්නලා තියනවා වගේ.




ඔන්න ඔහොම තමයි මේකෙන් ඕනෙම ටිකට් එකකට අදාල දිනුම් අංක ගන්නේ. මෙහෙම නැති උනොත් ඔයාට #780*988# dial කරලත් බලාගන්න පුළුවන්. ඒකෙ කියල තියන විදිහට අංක ඔබල ඉස්සරහට යන්න තියෙන්නේ.

මේ සේවාව සඳහා subscribe කරාම දවසකට Rs. 5 + Tax අය වෙනව. ඒ වගේම ගෙන්න ගන්න මැසේජ් එකකට Rs. 2 + Tax අය වෙනවා. කලින් කිවුව වගේ මේක ගන්න පුළුවන් Dialog, Hutch, Airtel පාවිච්චි කරන යට විතරයි හැබැයි. 

පාවිච්චි කරද්දී ප්‍රශ්න තිබුනොත් මේකට කමෙන්ට් එකක් දාන්නකෝ. ස්තුතියි. සුභ දවසක් ඔයාට.!

Comments

Post a Comment